BREAKING NEWS
Search

වැලිකඩ ගිය මහින්දානන්ද සහ නලීන් මැහුම් අංශයේ වැඩට…

663

අධිකරණය මඟින් බරපතළ වැඩ සහිත සිර දඩුවම් නියම කර සිටින හිටපු ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා වැලිකඩ බන්ධනාගාරයේ මැහුම් අංශය වෙත ඊයේ (02) යොමු කර තිබේ.

එමෙන්ම බරපතළ වැඩ සහිත සිර දඩුවම් නියම වූ හිටපු ඇමැති නලින් ප්‍රනාන්දු මහතා ද එම බන්ධනාගාරයේ රෙදි වියන අංශයට (වීවින්) යොමු කර ඇත.

මේ දෙදෙනා වැලිකඩ බන්ධනාගාරයේ කේ වාට්ටුවේ රඳවා සිටින අතර දඬුවම් නියම වූ සිරකරුවන් අඳින ජම්පරය හැඳ සිටිති. එමෙන්ම ඔවුහු බන්ධනාගාර‍ෙයන් ලබා දෙන ආහාර සහ පැදුරු, කොට්ට පරිහරණය කරනු ලබති.

ඔවුන්ට අමුත්තන් හමුවීමට අවසර හිමි වන්නේ මසකට වරක් පමණි.

බුද්ධිකා ඉඹුලාන




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!