රටේ මිනිසුන් වෙනස් කිරීමට හැකි බවත්, නගරාධිපතිවරයා වශයෙන් තමා නව පරිවර්තනයකට මුල පිරීමට කටයුතු කරන බවත් කඩුවෙල නව නගරාධිපති රන්ජන් ජයලාල් පවසනවා.
තමා දරන්නේ සාමූහික වගකීමක් බවත්, මෙය තමාගේ පෞද්ගලික ජයග්‍රහණයක් නොවන අතර නගරාධිපතිවරයා ලෙස අනිසි ප්‍රයෝජන ගැනීමට තමාට අයිතියක් ද නොමැති බවයි අද (02) මාධ්‍ය වෙත අදහස් දක්වමින් නගරාධිපතිවරයා සඳහන් කළේ.
මෙතෙක් කාලයක් කඩුවෙල නගර සභාවේ ක්‍රියාත්මක වූ පාලනයට වඩා වෙනස් පාලනයක් බිහිකරන බවද, අදාළ නිලධාරීන්ට පැරණි ක්‍රමයෙන් මිදී මේ සඳහා අත්වැල් බැඳගන්නා ලෙසට ආරාධනා කරන බවද ඔහු ප්‍රකාශ කළා.
ජාතික ජන බලවේගය මෙම ජයග්‍රහණය අළු මතින් ලබාගත් ජයග්‍රහණයක් බවත්, ඒ සඳහා බොහෝ දෙනෙක් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ බවයි කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.
Esana