BREAKING NEWS
Search

දැවැන්ත කුණු කන්දක් කඩා වැටෙයි.. 38 දෙනෙකු අතුරුදන්.. රටක් නොසන්සුන් කළ මහා ඛේදවාචකයක් ගැන ඇසෙන කතාව මෙන්න..

4106

 

 

මේ කියන්න යන්නේ තවත් එක් අඳුරු කතාවක් ගැනයි. මේ කතාව ඇසෙන්නේ පිලිපීනයෙන්..

මධ්‍යම පිලිපීනයේ සෙබු (Cebu) නගරයේ පිහිටි දැවැන්ත කුණු කන්දක් හදිසියේ නායයෑමකට ලක්ව ඇති බවට වාර්තා වෙනවා. මේ හේතුවෙන් අවම වශයෙන් එක් අයෙකු මියගොස් තවත් 38 දෙනෙකු අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

සෙබු නගරයේ බිනාලිව් (Binaliw) ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයක තිබූ මහල් හතරක පමණ උසකින් යුත් මෙම දැවැන්ත කුණු කන්ද ඊයේ පස්වරුවේ මෙලෙස කඩා වැටී තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේදී සේවකයින් රැසක් එහි රාජකාරියේ නිරතව සිට ඇති බවයි වාර්තා වෙන්නේ. කෙසේ වෙතත්, මේ වන විට පුද්ගලයින් 12 දෙනෙකු ජීවතුන් අතර බේරා ගැනීමට සහන කණ්ඩායම් සමත්ව ඇති අතර ඔවුන් රෝහල්ගත කර තිබෙනවා.

එසේම කුණු කන්දෙන් නිකුත් වන මීතේන් වායුව සහ අපද්‍රව්‍යවල පවතින අස්ථාවර භාවය හේතුවෙන් සහන මෙහෙයුම් ඉතා ප්‍රවේශමෙන් සිදු කිරීමට බලධාරීන්ට සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *