BREAKING NEWS
Search

දීපාවලී සමරද්දී ලොරියක් තරුණයන් දෙදෙනෙකු යටකරගෙන පලා යයි..

1005

තලවකැලේ නගර මධ්‍යයේ රතිඤ්ඤා දල්වමින් සිටි තරුණයන් දෙදෙනෙකු යට කර පලා ගොස් සැගව සිටි බොලරෝ ලොරි රථයේ රියදුරා (20) දින සැකපිට අත්අඩංගුවට ගත් බව තලවකැලේ පොලිසියේ ස්ථානාධිපතිවරයා පැවසිය.

20 අලුයම 12:30 ට පමණ අනතුරින් තුවාල ලැබූ තරුණයන් දෙදෙනා තලවකැලේ නගර මධ්‍යයේ රතිඤ්ඤා දල්වමින් සිටියදී නගර මධ්‍යයේන් අධික වේගයෙන් ධාවනය වූ ලොරි රථය තරුණයන් දෙදෙනා යට කර සැකකාර රියදුරා තලවකැලේ ග්‍රෙඩ් වෙස්ටන් වතුයායේ නිවසේ සැගව සිටියදී අත්අඩංගුවට ගත් බවත්, සැකකාර රියදුරා අධික ලෙස බීමත්ව සිටි බවයි පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේ.

අනතුරින් තුවාල ලැබූ තරුණයින් දෙදෙනා බරපතල තුවල සහිතව ලිදුල රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු තුවාලකරුවන් වැඩිදුර ප්‍රතිකාර සදහා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් කල බවද බවයි පොලිස් ස්ථානාධිපතිවරයා වැඩි දුරටත් කියා සිටියේ.

අනතුර පිලිබද තලවකැලේ පොලිසිය වැඩිදුර පරික්ෂන පවත්වයි.

– රංජිත් රාජපක්ෂ

Source – Lanka C News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *