බස්නාහිර පළාත් කොමසාරිස්වරිය කවදා හෝ නීතිය ඉදිරියට ගෙන ඒමට කටයුතු කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසනවා.
ඇය විසින් කොළඹ නගරාධිපති තෝරන අවස්ථාවේදී අධිපතිවාදී ආකාරයෙන් කටයුතු කර ඇති බවයි අද (18) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.
ඡන්ද විමසන ආකාරය ගැන යෝජනා දෙකක් පැමිණි අවස්ථාවේදී ඇය දිගින් දිගටම ප්‍රකාශ කළේ රහස් ඡන්දයකට යා යුතු බව යැයිද, එහෙත් පනතේ ඒ බවක් ප්‍රකාශ කර නොමැති අතර ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය විසින් මාර්ගෝපදේශයක් ලබාදී තිබුණු බවද ඔහු එහිදී පෙන්වා දුන්නා.
කොමසාරිස්වරිය පනත අනුව කටයුතු කරන බවට ප්‍රකාශ කළ ද, එම අවස්ථාවේ පනතේ කුමන වගන්තිය අනුව කටයුතු කරන්නේදැයි ඇය සභාවට පැහැදිලි නොකළ බවත්, ඇය කළින් තීරණය කර, බලහත්කාරයෙන් ඡන්දය පැවැත්වීමට කටයුතු කළ බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.
මෙම තත්ත්වයම උද්ගත වූ විට මධ්‍යම පළාත් කොමසාරිස්වරිය විසින් නිවැරදිව විනිවිදභාවයෙන් කටයුතු කර ඇති බවත්, මධ්‍යම පළාත් කොමසාරිස්වරියට එක නීතියක් හා බස්නාහිර පළාත් කොමසාරිස්වරියට එක නීතියකුත් තිබිය නොහැකි බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ
Source – එසැණ