BREAKING NEWS
Search

නුවරඑළිය මහ නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට

1043

නුවරඑළිය මහ නගර සභාවේ බලය පිහිටුවීමට ජාතික ජන බලවේගය අද සමත්වුණා.

නුවරඑළිය මහ නගර සභාවේ මංගල සභා රැස්වීම මධ්‍යම පළාත් පාලන කොමසාරිස් ඒ.එම්.කේ.පී.කේ. චමිලා අතපත්තුගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වුණු අතර, එහිදී නව නගරාධිපතිවරයා වශයෙන් ජාතික ජන බලවේගයේ උපාලි වලියසේකර ඡන්ද 14ක් ලබා ගෙන තේරී පත්වුණා.

උප නගරාධිපතිවරයා වශයෙන් ලංකා කම්කරු කොංග්‍රසයේ සිවජෝති යෝගරාජා ඡන්ද 14කින් තේරී පත්ව තිබෙනවා.

පසුගිය පළාත් පාලන ඡන්ද විමසීමේදී නුවරඑළිය මහ නගර සභාව සඳහා ජාතික ජන බලවේගයට මන්ත්‍රී ධුර 12 ක්, සමගි ජන බලවේගයට මන්ත්‍රී ධුර 04 ක්, එක්සත් ජාතික පක්ෂයට මන්ත්‍රී ධුර 03 ක්, ස්වාධීන කණ්ඩායම්වලට මන්ත්‍රී ධුර 03 ක්, ලංකා කම්කරු කොංග්‍රසයට මන්ත්‍රී ධුර 02 ක් සහ පොදු ජන එක්සත් පෙරමුණට එක් මන්ත්‍රී ධුරයක් හිමිව තිබුණා.

Source – එසැණ




Leave a Reply

Your email address will not be published. Required fields are marked *