BREAKING NEWS
Search

ඉන්දීය ණයෙන් බෙහෙත් ගේන්න අත්සන් කලේ බැසිල් – කෙහෙලියගේ නීතීඥ අධිකරණයේදී

42

ඉන්දියානු ණය යෝජනා ක්‍රම යටතේ ඖෂධ මිලදී ගැනීමට අත්සන් තැබුවේ කෙහෙළිය රඹුක්වැල්ල මහතා නොව හිටපු මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා විසින් බව ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ ප‍්‍රශ්ණගත එන්නත් තොගය සම්බන්ධයෙන් වන පරීක්‍ෂණවලට අදාලව අත්අඩංගුවට ගත් ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටිමිනි.

‘ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ මිලදී ගැනීම සම්බන්ධයෙන් මාගේ සේවාදායකයාට නීතිපතිවරයා චෝදනාවක් එල්ල කළා. නමුත් ඊට අත්සන් තැබුවේ හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල වන මාගේ සේවාදායකයා නොව එවකට මුදල් ඇමැතිවරයාට සිටි බැසිල් රාජපක්ෂ විසිනුයි. මෙම ඖෂධ මිලදී ගැනීමේ ක්‍රියාවලියට අයත් ප්‍රසම්පාදන ක්‍රියාවලිය පෞද්ගලික අංශයට ලබාදීමට අදාළ අවසරය ලබා දුන්නේ මුදල් අමාත්‍යංශය විසිනුයි. එම නිසා බැලූ බැල්මට මාගේ සේවාදායකයා කිසිදු වරදක් කරලා නැහැ’

Lanka c news




Leave a Reply

Your email address will not be published. Required fields are marked *