BREAKING NEWS
Search

මන්ත‍්‍රී ජෝඩුවේ අනියම් ප‍්‍රාඩෝ හුටපටය ගැන ජනපති මුල්වරට කිව්ව දේ..! (වීඩියෝ)

38

ජාතික ජන බලවේග මන්ත්‍රීවරයෙක් එම පක්ෂයේම මන්ත්‍රීවරියක සමඟ අනියම් සම්බන්ධතාවයක් පවත්වන බවටත් තම බිරිඳගේ ප්‍රාඩෝ ජීප් රථයෙන් අනියම් බිරිද සමග සවාරි ගසන බවටත් පොලිසියට කර ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදහස් පළ කරයි.

‘ප්‍රාඩෝ ප්‍රශ්නයක් තිබ්බනෙ. පෞද්ගලික බිරිද සහ ස්වාමියා අතර ගැටලුවක්. ඒක සමාජයේ අනිත් පවුල් අතරත් තියෙනවා. අපේ පවුලත් තිබිය හැකියි’

ඔහු මෙම අදහස් පල කලේ සිරස රූපවාහිිනියේ සටන වැඩසටහනේදීය.

කුරුණෑගල පන්නල ප්‍රදේශයේ ඇගලුම් කර්මාන්ත ශාලාවකට තම පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ඇතුළුවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කියා සිටියේ එය ඔවුනට අදාළ රාජකාරියක් නොවන නමුත් එය අපරාධයක් නොවන බවය.

එමෙන්ම කප්පම් ගැනීමකට එහි ගිය බවට එල්ල වන චෝදනා අසත්‍ය බවත් හෙතෙම පැවසුවේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *