BREAKING NEWS
Search

දැන් ඉන්න සල්ලිකාර ආණ්ඩුකාරයෙක් පොල් තොග පිටින් රට පටවනවා – පොල් හිගය ගැන හෙලිදරව්වක්..! (වීඩියෝ)

26

වර්තමානයේ මෙරට සිටින ආණ්ඩුකාරවරයෙක් විශාල වශයෙන් පොල් මිලට ගෙන අපනයනය කරමින් සිටින බවට ජාතික පාරිභෝගික පෙරමුණ චෝදනා කරයි.

මෙම පොල් අපනයනය කිරීම මේ මොහොතේ අත්හිටුවහොත් පොල් හිඟයට විසඳුමක් ලැබෙනු ඇති බවද එහි සභාපති අසේල සම්පත් මහතා කියා සිටියි.

පොල් හරහා සිදුවෙමින් ඇත්තේ ආනයනික බිත්තර ක්‍රියාවලියේ දෙවැනි ගැහිල්ල යයිද කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේය.

අපි කියනව පිටරටින් පොල් ගේන්ඩ කලින් ඔයාලා විසින් පත් කල ආන්ඩුකාරවරයෙක් තමයි ඩීසී වලට කට්ට පිටින් පොල් අරගෙන කුරුණෑගල, අලව්ව ඔය පැතිවල තියෙන පොල් ටික අරගෙන පිටරට යවන්නේ. එයාට කියන්න පිටරට පොල් යවන එක නවත්වන්න කියලා.

Source: Lanka C News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *