BREAKING NEWS
Search

එන්ජිමක කුරුල්ලන් ගැටීමෙන් අහසේ ගිනි ගත් අහස් යාත්‍රාව.

50

ෆෙඩෙක්ස් සමාගමට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක හටගත් ගින්නක් හේතුවෙන් එම යානය හදිසි ගොඩබැස්සවීමකට ලක් කර තිබේ.

අමෙරිකාවේ නිව් ජර්සි ප්‍රාන්තයේ නෙවෝක් ලිබර්ටි ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් ගමන් ආරම්භ කළ යානයේ සුළු වේලාවකින් ගින්න හටගෙන ඇති බව වාර්තා වෙයි.

ඒ පිළිබඳව කඩිනමින් ගුවන්තොටුපොළ බලධාරීන් දැනුවත් කර ඇති යානයේ නියමුවන් යානය යළි එම ගුවන්තොටුපොළටම ආරක්ෂිතව ගොඩබැස්සවීමට කටයුතු කර තිබේ.

සිද්ධිය වූ අවස්තාවේ යානය තුළ පුද්ගලයින් තිදෙනෙකු සිට ඇති නමුත් ඉන් කිසිවෙකුටත් අනතුරක් සිදුව නැත.

යානය ගුවන් ගත කිරීමේ දී එහි එන්ජිමක කුරුල්ලන් ගැටීමෙන් ගින්න හටගෙන ඇති බව අනාවරණය වී ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *