BREAKING NEWS
Search

මැලේසියාවේ ගංවතුරේ දී විදුලිසැර වැදී ශ්‍රී ලාංකික තරුණයෙක් ජීවිතක්ෂයට..!

29

මැලේසියාවේ ෂා අලාම් හි ටමාන් අලාම් ඉන්ඩා හි ඉදිකිරීම් ද්‍රව්‍ය ගබඩා ස්ථානයක ඇති වූ ගංවතුර තත්ත්වයකදී විදුලිසැර වැදී මිය ගොස් සිටි ශ්‍රී ලාංකික තරුණයෙකු සහ බල්ලෙකු සොයා ගෙන ඇත.

එලෙස මියගොස් ඇත්තේ 27 හැවිරිදි තරුණයෙක් බවට අනාවරණය වී තිබේ.

එරට පොලීසිය සඳහන් කර ඇත්තේ, මළ සිරුර වෙත ළඟාවීමට අදාළ ප්‍රදේශයේ විදුලි සැපයුම විසන්ධි කරන ‍තෙක් බලාසිටීමට සිදුවු බවය.

මියගිය තරුණයාගේ සිරුරේ තුවාල කිසිවක් නොමැති අතර, පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය රෝහලක් වෙත යොමු කර තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *