මොන ගිවිසුම ගහලා තිබුණත් තම රජය කියන ගානට එනතුරු සුලං විදුලි බලාගාරයේ ඉදි නොකරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරයි.
මන්නාරමේ අදානි සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මාතර දෙවියන්දර ප්‍රදේශයේ පැවති ජන රැලියක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.
අදාල ගිවිසුම ගසා තිබුණේ සුළං විදුලි ඒකකයක් රුපියල් 25 කට ශ‍්‍රී ලංකා රජයට අලෙවි කිරීමට බවත් හිටපු ජනාධිපතිවරයාම එම ගිවිසුම අනුවම කටයුතු කරන ලෙසද පවසා ඇති බවත් හෙතෙම පෙන්වා දෙයි.
මෙම සුළං බලාගාර ව්‍යාපෘතිය නතර කිරීම අපරාධයක් බව හිටපු ජනාධිපතිවරයා පැවසූද අපරාධය මෙම මිල ගණන් යටතේ මෙම ව්‍යාපෘතිය සිදුකිරීම බවත් දිසානායක මහතා පැවසුවේය.
ජනාධිපතිවරයා මෙම අදහස් පළ කරන ලද්දේ ඉන්ද්‍රිය අග්‍රාමාත්‍යය නරේන්ද්‍ර මෝදි මහතා එළඹෙන අප්‍රේල් 04 වැනිදා ශ්‍රී ලංකා නිල සංචාරයක නිරත වීමට දින යොදා තිබියදී වීම විශේෂත්වයකි.
මන්නාරම සුළං විදුලි ව්‍යාපෘතියෙන් ඉන්දීය අදානි සමාගම ඉවත් වී ඇත්තේ නව රජය විසින් මුල් ගිවිසුම් ගත මිල ගණන් වලට එකග නොවීම හේතුවෙනි.
අනතුරුවද ඔවුන් දැනුම් දෙන ලද්දේ කිසිසේත්ම මුල් ගිවිසුමෙන් ඉවත්ව කටයුතු කිරීමටත් සමාගම සූදානම් නැති බවය.
ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා මෙරට සංචාරයක නිරත වන්නේ මෙවන් පසුබිමකදීය.