BREAKING NEWS
Search

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ප්‍රධාන ආරක්ෂක නිලධාරියාගෙන් CIDය ප්‍රශ්න කරයි.!

30

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරි මේජර් නෙවිල් වන්නිආරච්චි මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට(CID) ඊයේ පැය කිහිපයක ප්‍රකාශ ලබා දී තිබේ.
ඒ , අයථා වත්කම් උපයා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

මීට පෙර අවස්ථා දෙකකදි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනි සිටින්නැයි, මේජර් නෙවිල් වන්නිආරච්චිට දැනුම් දී තිබුණත් ඔහු එහි පැමිණියේ නැත.

යෝෂිත රාජපක්ෂ ලබන සිකුරාදා CIDට කැඳවයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබේ.

ඒ අනුව ඔහුට ජනවාරි මස තුන්වෙනි දින එහි පෙනී සිටින්නැයි දන්වා ඇත.

අයථා වත්කම් උපයා ගැනීමේ සිදුවීමකට අදාළව සිදුකරන විමර්ශන සඳහා ඔහුගෙන් එහිදී ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිතව තිබේ.

Source : News First




Leave a Reply

Your email address will not be published. Required fields are marked *