BREAKING NEWS
Search

රට වටේ සුපිරිම තැන්වල තියෙන ජනාධිපති මන්දිර 9ක් – නුවරඑළියේ අගමැති නිල නිවෙස – කැබිනට් එක අවසන් තීන්දුව ගනී..!

28

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ යටතේ පාලනය වන බංගලා නිවාස, විසුම්පාය සහ විවිධ ප්‍රදේශයන්හි පවතින ජනාධිපති මන්දිර උපයෝජනය කිරීම පිණිස යෝග්‍ය ක්‍රමවේදයක් හඳුන්වා දීම සඳහා ඉදිරිපත් කළ යෝජනවාට අමත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.

කොළඹ අවට රජයේ බංගලා නිවාස 50ක් පිහිටුවා තිබේ.

එසේම ජනාධිපති කාර්යාලයේ පරිපාලන බලධාරිත්වය යටතේ කොළඹ, මහනුවර, නුවරඑළිය, මහියංගනය, අනුරාධපුරය, කතරගම, යාපනය, ඇඹිලිපිටිය සහ බෙන්තොට යන ප්‍රදේශවල ද ජනාධිපති මන්දිර පිහිටා ඇත.

කෙසේ නමුත් කොළඹ සහ මහනුවර ජනාධිපති මන්දිර හැර අනෙකුත් ජනාධිපති මන්දිර නිරන්තර භාවිතයට ගනු නොලැබේ.

ජනාධිපති මන්දිරවලට අමතරව රාජ්‍ය නායකයින් ගණනාවකගේ නිල නිවස ද නාගරික සංවර්ධන අධිකාරියේ පරිපාලනය යටතේ පවතියි.

එසේම අග්‍රාමාත්‍ය කාර්යාලයේ පරිපාලනය යටතේ නුවරඑළියේ අග්‍රාමාත්‍ය නිල නිවාසයක් පවතී.

මෙම රජයේ දේපළ නඩත්තුවට විශාල මුදලක් වැය කර වුවත්, එම දේපළ ඌන උපයෝජන තත්ත්වයක බැවින් එම පරිශ්‍රයන් ජනාධිපතිතුමා සහ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා ඒකාබද්ධ යෝජනාව ඉදිරිපත් කර තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *