BREAKING NEWS
Search

මාලිමාව ගැන අසා පාසල් විභාග ප‍්‍රශ්ණ පත‍්‍රයක් සැකසූ බව තහවුරුයි – අමාත්‍යංශයෙන් පරීක්‍ෂණයක්..!

38

කළුතර සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මධ්‍ය මහා විද්‍යාලයේ උසස් පෙල දෙවැනි වාර පරීක්ෂණයේ සාමාන්‍ය පොදු පරීක්ෂණ ප්‍රශ්න පත්‍රයට දේශපාලන පක්ෂයකට සම්බන්ධ ප්‍රශ්න පහක් අන්තර්ගත වීම පිළිබඳ අමාත්‍යාංශ මට්ටමින් කඩිනම් පරීක්ෂණයක් සිදු කරන දන්වා ඇත.

අධ්‍යාපන, විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය විසින් අදාළ නිලධාරීන්ට උපදෙස් දී ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි.

ලේකම් වරිය පවසන්නේ මෙම ප්‍රශ්න පත්‍රය සකස් කර ඇත්තේ අදාළ පාස‍ලෙන්ම බවත් ඒ සඳහා අමාත්‍යාංශ මට්ටමින් හෝ වෙනත් ආයතනික මට්ටමකින් හෝ කිසිඳු සම්බන්ධයක් නොමැති බවත්ය.

ජාතික ජන බලවේගයට සම්බන්ධ ප්‍රශ්න පහක් එම ප්‍රශ්න පත්‍රයේ ඇතුළත් වී තිබුණු බවට ඊයේ දින මාධ්‍ය හමුවක් පවත්වමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා කියා සිටියේය.

Source : Lanka C News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *