BREAKING NEWS
Search

රට පරාදයි… කුහක විපක්ෂය ජයගනී.!

31

පසුගිය වසර දෙක පුරාම විපක්ෂය උත්සාහ කලේ රට අර්බුදයෙන් ගොඩගැනීමේ වෑයමට හැකිතාක් අකුල් හෙළීමය. පාර්ලිමේන්තුව තුළත්, ඉන් පිටතදීත්, අධිකරණය ඉදිරියේත් ඔවුන් මේ අර්බුදයෙන් රට ගොඩගැනීමේ වැඩපිළිවෙල හැකිතාක් අභියෝගයට ලක්කලා. නමුත් ඒ අභියෝග හමුවේ රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ කණ්ඩායම නතර වුනේ නැහැ. මේ අර්බුදයෙන් රට ගොඩගත්තා.

මේ අභියෝගය භාරගන්න කියපු වෙලාවේ සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සමඟි ජනබලවේගයේ මන්ත්‍රීවරු හැංගෙනකොට ඒ කණ්ඩායම තුළත්, ඉන් පිටතදීත් අඛන්ඩව හඬනගලා හරීන් සහ මනූෂ උත්සාහ කලා රටට අලුත් වගකිවයුතු පාලනයක් බිහිකරන්න. ඔවුන් ඒ මොහොතේදී රනිල් වික්‍රමසිංහට ශක්තියක් වෙමින් රට ගොඩගන්න දායක වුණා.

එතනදි ඔවුන් නීති පොත්, මන්ත්‍රීකම්, පක්ෂ සාමාජිකත්ව කිසිම දෙයක් සැලකුවේ නැහැ.

රටක මිනිස්සු බඩගින්නේ මැරෙනකොට, තෙල් පෝලිම් වල ගෑස් පෝලිම් වල මැරිලා වැටෙනකොට, බෙහෙත් නැතුව කෑ ගහනකොට පක්ෂ සාමාජිකත්ව, මන්ත්‍රීධූර බල බල ඇඹරි ඇඹරි ඉන්නේ නැහැ ශක්තිමත් මිනිස්සු. යූ.ඇන්.පී කාරයො කොහොමත් එහෙම හැංගෙන්නේ නෑ. මේවා, ජේආර් ගේ, ප්‍රේමදාසගේ, ලලිත් ගාමිණීලගේ ජාන මිසක් ප්‍රේමදාසගෙ ගෙදර වැඩට හිටපු බාබුගේ ජාන නෙමෙයි.

අද මේ ගරු අධිකරණය දීලා තියෙන තීන්දුව හරීන් – මනූෂ දෙන්නගෙ දේශපාලන ජීවිතවල ඓතිහාසික ජයග්‍රහණයක්.

රට ගොඩගන්න වැඩ පිළිවෙල පරාද කරන්න… ඒ ගමන කඩාකප්පල් කරන්න…. ආන්ඩු වට්ටන්න… අයි.එම්.එෆ් වැඩපිළිවෙල කඩාකප්පල් කරන්න සජිත් දරපු උත්සාහය සාර්ථකයි. සජිත් දිනුම්… රට පරාදයි.

සජිත් දිනනන් පළවෙනි මොහොතෙදිම රට පරාදයි..!




Leave a Reply

Your email address will not be published. Required fields are marked *