BREAKING NEWS
Search

නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ඉල්ලා අස්වෙයි – ඒ ඉල්ලා අස්වූ තුන්වැනි සභාපතියි..!

236

එන්.බී.එම්. රණතුංග මහතා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වෙයි.

ඔහු එම අධිකාරියේ සභාපති ලෙස රාජකාරි බාර ගත්තේ පසුගිය ඔක්තොම්බර් මස 10 වැනිදායි.

ඒ ජනාධිපති ධුරයට අනුර දිසානායක මහතා පත් වීමෙන් පසු නව රජය යටතේය.

තම ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් කාර්යමණ්ඩය හිතවතුන් පිරිසකට අද පෙරවරුවේ ලිපියක් යොමු කර තිබේ.

නව රජය විසින් පත් කරන ලද රූපවාහිනි සංස්ථා හා ලංකා ගමනාගමන මණ්ඩල සභාපතිවරුන්ද මීට පෙර ඉල්ලා අස්විය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!