BREAKING NEWS
Search

වැඩ බලන පොලිස්පති කෙනෙක් පත් කරන්නෑ..! – ජනපති දන්වයි

48

ජනාධිපතිවරණ කාලසීමාව තුළ සති දෙකකට වරක් වැඩ දෙන බලන පොලිස්පතිවකු පත් කිරීමට සිදුවුවහොත් එම කරුණු මත පදනම තමන්ට එරෙහිව මැතිවරණ පෙත්සම් ඉදිරිපත් විය හැකි යයි ජනාධිපතිවරයාට නීති උපදෙස් ලැබී තිබේ.

ඒ අනුව තමන් මෙම කටයුතුවලට මැදිහත්වීමෙන් වැළකී සිටි බව ජනාධිපතිවරයා විසින් කතානායකවරයාට දැනුම් දී තිබේ.

මේ අතර පොලිස්පති ධුරයේ තනතුරු පුරප්පාඩුවක් සිදුවී නොමැති බවට ජනාධිපතිවරයාට නීති උපදෙස් ලැබී ඇතැයි වාර්තා වෙයි.

ඒ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මගින් පොලිස්පතිවරයාට ලබා දී ඇත්තේ වාරණ නියෝගයක් පමණක් බැවිනි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පොලිස්පති ධුරය පුරප්පාඩු වී නැති අවස්ථාවක ජනාධිපතිවරයාට වැඩ බලන පොලිස්පතිවරයෙක් පත් කිරීමට හැකියාවක් නැති බවටද උපදෙස් ලැබී තිබේ.

අධිකරණ තීන්දුව අනුව සිදුව ඇත්තේ පොලිස්පතිවරයාට රාජකාරී කරගෙන යාමේ බාධාවක් පමණක් යයිද නීති අංශවල අදහසයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *