BREAKING NEWS
Search

ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි අලුත් පොලිස්පති එයි..?

39

වැඩ බලන පොලිස්පති ධුරයේ කටයුතු කිරීම සඳහා ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහලින්ම සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකු සම්බන්ධයෙන් සලකා බලමින් සිටින බව වාර්තා වෙයි.

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ දිනය අතුරු තහනම් නියෝගයක් පැනවීම සමග මෙම කටයුතු සිදු වෙයි.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනාධිපතිවරයාටද දැනුම් දී තිබුණේ පොලිස්පති ධුරය සඳහා සුදුසුකම් සහිත පුද්ගලයකු පත් කරන ලෙසයි.

ඒ අනුව ලලිත් පතිනායක, ප්‍රියන්ත වීරසූරිය හා සංජීව ධර්මරත්න යන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් අතරින් අයෙකු වැඩ බලන පොලිස්පති ධුරයට පත් කිරීමට නියමිතව තිබේ.

මෙම තිදෙනා අතරින් ජ්‍යෙෂ්ඨත්වය අනුව ඉදිරියෙන්ම සිටින්නේ ලලිත් පතිනායක මහතා වන අතර ඔහු දැනට මධ්‍යම පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කරයි.

කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි වැඩ බලන පොලිස්පතිවයෙකු පත් කිරීමට බලය තිබේ.

 

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *