BREAKING NEWS
Search

විමල්ගේ 40ක ලැයිස්තුවට වඩා වැඩිය ඉන්නවා, විමලුත් උඩින්ම ඉන්නවා. ” ඉස්සරහට නඩු වැටෙන සෙට් එක ගැන නාමල් කරුණාරත්න හෙලි කරයි

618

මේ වන විට, හිතා ගැනීමටවත් නොහැකි පිරිස් වෙත නඩු වැටීමට පටන්ගෙන ඇති බවද, ඔවුන් අල්ලස් කොමිසමට කැඳවමින් ඇති බවද නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසනවා.

ඒ අනුව, විමල් වීරවංශ හිටපු අමාත්‍යවරයා විසින් ප්‍රකාශ කරන ලද 40 ක ලැයිස්තුවට වඩා එම පිරිස වැඩි බවත්, විමල් වීරවංශ ද එම පිරිස අතර සිටින බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට, පොලීසියට, කෝප් කමිටුවට ගොස් හිරගෙදරට යන චක්‍රයක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් ඇති බවයි නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

Source – එසැණ




Leave a Reply

Your email address will not be published. Required fields are marked *