අයියා හැප්පී මියගිය ටිපර් රථයට මල්ලිත් හැප්පෙයි

3554

 

 

තම වැඩිමහල් සහෝදරයා අනතුරට ලක්ව මියගිය ටිපර් රථයට ඔහුගේ බාල සහෝදරයාද අනතුරට ලක්වූ ආන්දෝලනාත්මක සිදුවීමක් කිලිනොච්චිය ප්‍රදේශයෙන් වාර්තා වේ.

කිලිනොච්චියේ වැලි ජාවාරමට සම්බන්ධ වූවන් පාවා දුන් බවට සැකකෙරෙන පුද්ගලයෙකු ඉකුත් නොවැම්බර් මාසයේදී වැලි ජාවාරමට සම්බන්ධ යැයි සැකකෙරෙන ටිපර් රථයක ගැටී මරණයට පත්ව ඇත.

එම අනතුර සම්බන්ධ නඩුව මේ වනවිට අධිකරණයේ විභාග වෙමින් පවතී.

කෙසේ නමුත් පොලීසිය භාරයේ තිබූ එම ටිපර් රථය නිදහස් කර වෙනත් රථයක ආධාරයෙන් මාර්ගයේ ඇදගෙන යමින් සිටියදී, මියගිය පුද්ගලයාගේ බාල සහෝදරයා මෙම අනතුරට ලක්ව ඇත.

අනතුරෙන් ඔහුට කිසිදු හානියක් සිදු නොවුණි.

ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ මෙම අනතුර සිතාමතා සිදුකළ අනතුරක් බවය.

Ada Derana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!