BREAKING NEWS
Search

කෙහෙළිය, රාජිත, දයාසිරි ඇතුළු 12 දෙනෙකුගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමට අධිකරණයෙන් අවසර

1047

කෙහෙළිය රඹුක්වැල්ල, රාජිත සේනාරත්න සහ දයාසිරි ජයසේකර ඇතුළු 12 දෙනෙකුගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමට කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ කොට්ඨාසයට අවසර ලබාදී තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කර, අනුමත කරන ලද උපරිම ප්‍රමාණයට වඩා ජනාධිපති අරමුදලෙන් මුදල් ලබා ගෙන වංචා කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන විමර්ශනයට අදාළව මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මෝසමක් ගොනු කරමින් විමර්ශනයට අදාළව රාජ්‍ය බැංකුවක ගිණුම් පරීක්ෂා කිරීමට අවසර ලබා දෙන්නැයි ඉල්ලා සිට ඇති අතර එම ඉල්ලීමට අවසර දුන් කොටුව මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවශ්‍ය තොරතුරු ලබා දෙන ලෙස අදාළ රාජ්‍ය බැංකුවට නියෝගයක්ද නිකුත් කර තිබෙනවා.

ජනාධිපති අරමුදලින් මුදල් ලබාගැනීමේදී අක්‍රමිකතා සිදුකර ඇති බවට චෝදනා එල්ල වී ඇති මහජන නියෝජිතයින් 22 දෙනෙකු සම්බන්ධයෙන් මේ විමර්ශනය ආරම්භ කර ඇති අතර ඊට අදාළව පසුගිය අප්‍රේල් 30 වැනිදා වැඩිදුර වාර්තාවක්ද අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

මෙම විසි දෙදෙනා තෝරාගෙන ඇත්තේ අරමුදල් අවභාවිත කළ බවට තොරතුරු ලැබුණු 36 දෙනෙකු පිළිබඳව කළ විමර්ශනයකින් පසුව බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

Helakuru Esana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *