BREAKING NEWS
Search

රාජාසනය වගේ ඇමති පුටුව අයින් කර සාමාන්‍ය පුටුවක් ගත්තා..! – කෘෂිකර්ම ඇමති කේඩි ලාල්කාන්ත (VIDEO)

53

තම අමාත්‍යංශයේ තමන්ට අසුන් ගැනීමට තිබූ රාජාසනයක් වැනි පුටුව ඉවත් කර සාමාන්‍ය ජනතාව අසුන් ගන්නා පුටුවක් තමනටද ගත් බව කෘෂිකර්ම අමාත්‍ය කේඩි ලාල්කාන්ත මහතා සඳහන් කරයි.

ඒ අනුව තමන් මුණගැසීමට එන පුද්ගලයා දැන් තමන් හා සමාන බවද ඒ හරහා තමන් රජයේ සේවයේ වෙනස්කම් කිරීම ආරම්භ කරන ලද බවද ඔහු කියා සිටී.

රජයේ ආයතනයකට ඇතුල්වෙන පුරවැසියෙකුට එය තමන්ගේ ආයතනයක් ලෙස දැනෙන ලෙස පත් කිරීමට අවශ්‍ය වෙනස්කම් කඩිනමින් සිදුකිරීමට කටයුතු කරන බවද හෙතෙම කියා සිටියේය.

මහනුවරදී මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පල කලේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *