ඉන්දීය රජයට අයත් ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් වන “INS Vikrant” වෙතින් ඉන්දීය “Chetak” හෙලිකොප්ටර් යානා ගම්පහ සහ කුලියාපිටිය ප්‍රදේශවල හදිසි ආපදා තත්ත්වයන් යටතේ මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා පිටත් කර යවා තිබෙනවා.
එමෙන්ම, ආපදා තත්ත්වය හා ගංවතුර තත්ත්වය හමුවේ ආපදාවට ලක්වූවන් මුදා ගැනීමේ කටයුතු සඳහා සහාය වීමට 82 දෙනෙකුගෙන් යුත් ඉන්දියානු ගලවා ගැනීමේ කණ්ඩායමක් අද (29) පෙරවරුවේ දිවයිනට පැමිණියා.
මෙම යානය මගින් සහන සේවා උපකරණ, මුදවා ගැනීමේ උපකරණ හා ඉන්දීය ජාතික ආපදා ප්‍රතිචාර දැක්වීමේ බලකායේ පුද්ගලයින් 82 දෙදෙනෙකුගෙන් යුත් සහන සේවා කණ්ඩායමක් පැමිණි අතර, මෙම කණ්ඩායම සඳහා පුහුණු කල සුනඛයින් 04 දෙනෙකුද ඇතුලත් වුණා.







