BREAKING NEWS
Search

දේශබන්දුගේ පොලිස්පති ධුරය අත්හිටුවයි..!

32

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධූරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇත.

මූලික අයිතිවාසිකම් පෙත්සම් 09 ක් විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කරන ලදී.

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා වශයෙන් පත්කිරීමට ජනාධිපතිවරයා ගනු ලැබූ තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ඇතුළු පාර්ශව කරුවන් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 09 ක් විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.

නව පොලිස්තිවරයකු පත් කරන ලෙස මෙහිදී ජනාධිපතිවරයා වෙත නියෝගයක්ද නිකුත් කර ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *