රජය විසින් පෙට්‍රල් මිල රුපියල් දහයකින් අඩු කළද ත්‍රීරෝද රථ ප්‍රවාහන ගාස්තුවල කිසිදු වෙනසක් කිරීමට හැකියාවක් නැති බව ත්‍රිරෝද රථ සංගම් සඳහන් කරයි.
බස්නාහිර පළාත් ත්‍රිරෝද රථ රියදුරන්ගේ හා හිමිකරුවන්ගේ සංගමය සංගමයේ සභාපති පැවසුවේ ත්‍රිරෝද රථ ගාස්තු අඩු කිරීමට වඩා විධිමත් නියාමනයක් තුළින් වඩා ඵලදායි සේවාවක් ලබාදීම සඳහා රජය මැදිහත් විය යුතු බවය.
මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.
“පෙට්‍රල් ලීටරයෙන්ම රු 10යි අඩුවෙලා තියෙන්නේ. සාමාන්‍යයෙන් ලීටරයෙන් කිලෝමීටර් 20ක් වගේ ධාවනය කරන්නේ. එතකොට ශත 5ක් අපි තියාගන්නේ නැතුව රු 10 ම දුන්නත් කිලෝමීටරයකට ශත 50යි අඩු කරන්න පුළුවන්. ඕක ප්‍රායෝගික නෑනේ.
මේ වෙද්දිත් ගාස්තු නිර්ණයක් නැතුව හිතූ හිතූ ගණන් අයකරන ත්‍රිරෝද රථ ලංකාව පුරාම තියෙනවා. ඒ නිසා ශත 50ක් රු 10ක් අඩු කරත් උත්තරය ඒක නෙමෙයි. වඩාත් ඵලදායි විශ්වාසවන්ත ත්‍රිරෝද රථ සේවයක් ඇති කිරීම තමා අපේ පළමු අරමුණ. මේ රු 10ක් අඩු කිරීම තුළින් ත්‍රිරෝද රථ ගාස්තුව අඩුකිරීමක් සිද්ධ වෙන්නේ නෑ.”