BREAKING NEWS
Search

පොලිසිය නිවස වටලද්දී හිටපු රාජ්‍ය ඇමති පැන දුවලා..!

81

හිටපු රාජ්‍ය ඇමතිවරයෙක් අත්අඩංගුවට ගැනීමට ඔහුගේ නිවසට පොලිස් නිලධාරී කණ්ඩායමක් ගිය අවස්ථාවේ ඔවුන් නිවසින් පළා ගොස් ඇති බව වාර්තා වේ.

කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයේ ඉඩමකට නීති විරෝධී ලේඛණ සකසා අලෙවි කළ බවට එල්ල වන චෝදනා මත සිදු කරන පරීක්ෂණයට අදාළව මෙම අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් ගොස් තිබේ.

නිවසේ සිටි ඔහුගේ බිරිදගෙන් හා රියදුරුගෙන් පොලිසිය ප‍්‍රකාශ සටහන් කරගෙන ඇත.

මේ වන විට හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා තම ජංගම දුරකථනය ක්‍රියා විරහිත කොරකට සැඟව සිටින බව පොලිසිය සඳහන් කරයි.

මෙම පරීක්‍ෂණවලට අදාලව අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා කැලණිය ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයකු ඇතුළු තිදෙනෙකු ලබන 17 වැනිදා තෙක් රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇත.

Source : Lanka C News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *