BREAKING NEWS
Search

හොලිවුඩ් බයිස්කෝප් නිලියක් කියලා හිතුවද ? නෑ මේ ට්‍රම්ප් රජයේ ප්‍රබල චරිතයක්.. කවුද මේ සුරූපි ක්‍රිස්ටි ?

97

මේ හොලිවුඩ් බයිස්කෝප් දර්ශණයක් නෙවේ.. පිංතූරෙට පෙනී ඉන්නෙ ජෙනිෆර් ලෝපස් නෝනාත් නෙවෙයි.
ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ආරක්ශක උපදේශක ක්‍රිස්ටී නොඑම් කියන්නෙ ට්‍රම්ප් රජයේ ප්‍රබල චරිතයක්.
තව විදිහකට කීවොත් ඩොනල්ඩ් මහතාගේ ඉනර් සර්කල් එකේ සාමාජිකාවක්.

එල් සැල්වදෝර් රාජ්‍ය සොරකම් හා අපරාධවලට, මත්ද්‍ර්‍යව්‍ය ජාවාරම්වලට, ස්ත්‍රී දූශණ , පැහැරගැනීම් හා ඝාතනවලට ඉතා ප්‍රසිද්ධ මධ්‍යම ඇමරිකානු රාජ්‍යයක්. මේ රාජ්‍යයේ, ත්‍රස්තවාදීන් හා දරුණු අපරාධකරුවන් රඳවා තබන මධ්‍යස්ථානයක් හෙවත් සිරකඳවුරක් නැරඹීමට යන ක්‍රිස්ටී නොඑම්වයි අපි මේ පිංතූරයේ දකින්නෙ.

ක්‍රිස්ටීගෙ අතේ තියෙන්නෙ රොලෙක්ස් ඔරලෝසුවක් බව දුටු ගමන් කියන්න පුළුවන්. මේ රොලෙක්ස් ඩේටොනා ඔරලෝසුවේ මිළ ෆ්‍රෑන්ක් 48000 කට වඩා වැඩී. අඩුම තරමෙ ඩොලර් 50,000 ක් වත් මිළ වෙනවා.

ප්‍රශ්ණ තියනවාද..? අපරාධාකාරයො ඉන්න හිරගෙදරකට ලස්සනට ඇඳපැලඳගෙන ගෑණු ලමයෙක්ට යන්න බැරිද.? රොලෙක්ස් ඔරලෝසුවක් දාගෙන .. දියමන්ති මුද්දක් පැලඳගෙන.. කදිමට මේකප් කරලා හිරගෙවල් බලන්න යන්න හොලිවුඩ් නිලියන්ට පුළුවන් නම් ක්‍රිස්ටීට බැරි ඇයි.? හිරකරුවන්ට මොන මානව හිමිකම්ද .. කූඩුවේ දාලා ඉන්න මිනිස්සු එක්ක පිංතූර ගත්තම කාටවත් අමාරු වෙන්නෙ කොහොමද.?
මේ තමයි අළුත් දේශපාලන මුහුණුවර.

මේ අතරෙ ඇමරිකානු උප ජනාධිපති මහත්තයාට හොඳටම තරහා ගිහින් එතුමාගෙ ග්‍රීන්ලන්ත සංචාරෙදි කිසිම රාජ්‍ය මට්ටමේ පිලිගැනීමක් ලැබුනෙ නෑ කියලා.
යේමනයට ගුවන් ප්‍රහාර එල්ල කිරීමේ රහස්‍ය සැලසුම් සඳහාවන සාකච්ඡාවට හදපු ඩිස්කශන් ගෲප් එකට මාධ්‍යවේදියෙක් වැරදීමකින් ඇතුලත් වූ බව වාර්ථාවෙන්නෙත් මේ සතියෙදිමයි. ද ඇට්ලාන්ටික් පුවත් සේවයේ ජෙෆ්‍රි ගෝල්ඩ්බර්ග්ට ලැබෙනවා රහස්‍ය ප්‍රහාරයක සජීවී තොරතුරු. ගුවන් ප්‍රහාර පිලිබඳ රහස්‍ය සජීවී තොරතුරු මාධ්‍යවේදියෙක් අතට ලැබෙන මුල්ම අවස්ථාව විදිහට මේ සිද්ධිය ඉතිහාසයට එකතුවෙනවා.

ඇමරිකානු ආර්ථිකය බිඳවැටීම වැලැක්වීමට අළුත්ම සැලැස්මක් ඩොනල්ඩ්ගෙ කන්ඩායම ලබන සතියෙදි ලෝකයට ඉදිරිපත්කරන්න නියමිතයි. ඇමරිකාවට පක්ශ රටවල්… ඇමරිකාවට විරුද්ධ රටවල් විදිහට කන්ඩායම් දෙකකට ලෝකයේ රටවල් වර්ගකරන්න මේ අය සූදානම් වෙනවා.
පක්ශ රටවල් ඇමරිකාවේ ( ඇමරිකානු ඩොලර් සඳහා) ආයෝජනය කලයුතු අතර ඒ රටවලට ඇමරිකාව විසින් බදු සහනත්, ආරක්ශාවත් සලසන්න යෝජනා කරන්නෙ ට්‍රම්ප් පාලනය විසින්.
අනෙත් රටවලට අධික බදු පැටවෙනවා වගේම ආරක්ශාවත් ලැබෙන්නෙ නැහැ.

අපි අවතීර්ණ වෙමින් ඉන්නෙ හරි අමුතු කාලයකට. ඉගෙනගන්න වගේම හිනාවෙන්නත් ඕනෙ තරම් කරුණු කාරණා අහවල් රාජ්‍ය පාලනයෙන් වාර්ථාවෙනවා කෙලවරක් නැතිව. හොලිවුඩ් හා වයිට් හවුස් දෙක පටලවාගන්නෙ නැතුව ඉන්න බැරිතරමට මේ කාලය රසවත්.

  • Copied –



Leave a Reply

Your email address will not be published. Required fields are marked *