BREAKING NEWS
Search

ඩොනල්ඩ් ට්‍රම්ප්ට නොබෙල් සාම ත්‍යාගය දෙන්න යයි

1760

නොබෙල් සාම ත්‍යාගය සඳහා ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නම යෝජනා කිරීමට පකිස්ථානය සූදානම් වනවා. පාකිස්ථානය හා ඉන්දියාව අතර ඇතිවීමට ගිය දැවැන්ත යුද්ධයක් අත්හිටුවීමට මැදිහත්වීම හේතුවෙනුයි ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නම නොබෙල් සාමත්‍යාගය සඳහා යෝජනා කිරීමට පාකිස්ථානය සූදානම් වන්නේ.

ඉන්දියා පාකිස්ථාන අර්බුදයේදී ඇමෙරිකා ජනාධිපතිවරයා සිදු කළ රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීම හා ඔහුගේ නායකත්වය හේතුවෙන් නොබෙල් සාම ත්‍යාගය ලැබීමට ඔහු සුදුසු බව ද පාකිස්ථානය සඳහන් කරනවා. කෙසේ වුවද ඉන්දු පාකිස්ථාන ගැටුම් අත්හිටුවීමට ඇමෙරිකාව මැදිහත් නොවූ බවයි ඉන්දියාව නිවේදනය කරන්නේ.

තෙවන පාර්ශ්වයකින් රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීමක් අවශ්‍ය නොවන බව ද ඉන්දියාව පවසනවා. නොබෙල් සාම ත්‍යාගය සඳහා සුදුසුකම් ලබන පුද්ගලයාගේ නම මෙම වසරේ ඔක්තෝබර් මාසයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

A5 News Sri Lanka




Leave a Reply

Your email address will not be published. Required fields are marked *