තම න්‍යෂ්ටික මධ්‍යස්ථාන ඉලක්ක කර එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරවලට, දීර්ඝ කාලීන ප්‍රතිවිපාක අත්විඳීමට සිදුවනු ඇතැයි, ඉරානය අනතුරු අඟවනවා.
ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන 3 කට එල්ල කළ බෝම්බ ප්‍රහාරවලින් අනතුරුව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කළේ ඉරානය කඩිනමින් සාමයේ මාවතට පිවිසිය යුතු බවයි.
මේ අතර ඊශ්‍රායල – ඉරාන ගැටුම නවතාලීම සඳහා සාම ක්‍රියාවලියට අවතීර්ණ වන ලෙස එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා දෙපාර්ශවයෙන්ම ඉල්ලා සිටිනවා.
එක්සත් ජනපද හමුදාව, ඉරානයේ “ෆෝඩෝ” ඇතුළු න්‍යෂ්ටික මධ්‍යස්ථාන 3 ක් ඉලක්ක කර ගුවනින් බෝම්බ හෙලනු ලැබුවා.
බෝම්බ ප්‍රහාරවලින් පසු, ධවල මන්දිරයේ සිට ජාතිය ඇමතූ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා ඇත්තේ, ඉරානය කඩිනම් සාම ක්‍රියාවලියකට අවතීර්ණ වියයුතු බවයි.
එසේ නොමැති නම් ඉරානයට එරෙහි ඉදිරි ප්‍රහාර වඩාත් දරුණු වනු ඇති බවයි, ජනපති ට්‍රම්ප් සඳහන් කර ඇත්තේ. ඉරානයේ “ෆෝඩො” සහ තවත් න්‍යෂ්ටික මධ්‍යස්ථාන දෙකකට එල්ල කළ ප්‍රහාර, තම හමුදාවේ විශිෂ්ට සාර්ථකත්වයක් පිළිබිඹු කරන බවද එක්සත් ජනපද ජනාධිපතිවරයා පෙන්වා දෙනවා.
ඉරාන රාජ්‍ය මාධ්‍ය සඳහන් කරන්නේ එරට භූගතව පිහිටි යුරේනියම් නිෂ්පාදනය කිරීමේ න්‍යෂ්ටික මධ්‍යස්ථානයක් ලෙස සැලකෙන “ෆෝඩෝ” න්‍යෂ්ටික මධ්‍යස්ථානයෙහි කොටසකට එක්සත් ජනපද බෝම්බ ප්‍රහාර එල්ල වී ඇති බවයි.
ඊට සිදුව ඇති හානිය පිළිබඳව ඉරාන බලධාරීන් මෙතෙක් තහවුරු කර නොමැති බව සඳහන්.
එක්සත් ජාතීන්ගේ න්‍යෂ්ටික නිරීක්‍ෂණ ආයතනය වන අන්තර් ජාතික පරමානුක බලශක්ති ඒජන්සිය නිවේදනය කරන්නේ, ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එක්සත් ජනපද ප්‍රහාර එල්ල වීමෙන් පසු, එම මධ්‍යස්ථාන ආශ්‍රිත ප්‍රදේශයන්හි විකිරණ මට්ටම්වල ඉහළ යාමක් මෙතෙක් වාර්තා වී නොමැති බවයි.
එක්සත් ජනපද ප්‍රහාර දැඩි ලෙස හෙළාදකිමින්, ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් ඇරග්චි පවසන්නේ ඉරානය, තම ස්වෛරීභාවය ආරක්‍ෂා කරගැනිම සඳහා සියලු පියවර ගන්නා බවයි.
අතිශය පිළිකුල්සහගතක එක්සත් ජනපද ප්‍රහාරවලට සදාකාලික ප්‍රතිවිපාක අත්විඳීමට සිදුවනු ඇතැයිද ඔහු සඳහන් කළා.
එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස එක්සත් ජනපදය එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය මෙහිදී බරපතල ලෙස උල්ලංඝණය කර ඇති බව ඉරාන විදේශ අමාත්‍යවරයා පෙන්වා දෙනවා.
“ටෘත්” සමාජ මාධ්‍යයෙහි සටහනක් තබමින් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ, තම රටට එරෙහිව ඉරානය සිදුකරන ඕනෑම පළිගැනීමේ ක්‍රියාවකට වඩාත් දරුණු ප්‍රතිවිපාක අත්විඳීමට සිදුවනු ඇති බවයි.
මේ අතර එක්සත් ජනපද ප්‍රහාර මගින් ඊශ්‍රායල – ඉරාන ගැටුම තවදුරටත් උත්සන්න වී ඇති බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් පවසනවා.
දෙපාර්ශවය අතර ගැටුම මේ වනවිට පාලනය කළ නොහැකි මට්ටමට තවදුරටත් වර්ධනය වෙමින් පවතින බව ජගත් මහලේකම්වරයා සඳහන් කරනවා.
එමගින් සිවිල් වැසියන්ට මෙන්ම කලාපයට පමණක් නොව මුළු ලෝකයටම විනාශකාරී ප්‍රතිවිපාක අත්විඳීමට සිදුවනු ඇති බවටයි ඔහු අනතුරු අඟවා ඇත්තේ.
මෙම ගැටුම සඳහා හමුදාමය විසඳුමක් නොමැති බවත් සාමයට මාවත විවර කරන රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාවලිය ඊට ඇති එකම විසඳුම බවත් ජගත් මහලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් අවධාරණය කරනවා.
නවතම විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ, ඉරානය, ඊශ්‍රායලය වෙත තවදුරටත් මිසයිල ප්‍රහාර සිදුකරන බවයි. බටහිර ඉරානයේ පිහිටි හමුදා කඳවුරු ඉලක්ක කර නව ප්‍රහාර මාලාවක් ආරම්භ කළ බව, ඊශ්‍රායල හමුදාව
කියා සිටිනවා.
#SLRC #RupavahiniNews #Rupavahini