BREAKING NEWS
Search

ට්‍රම්ප්ගේ නව තීරු බදු හින්දා අපේ රටට නව වෙළඳපලක් නිර්මාණය වේ යැයි සිතනවා – හඳුන්නෙත්ති.

51

ඇමරිකානු ජනාධිපතිත් ඩොනල්ඩ් ට‍්‍රම්ප් පනවන ලද නව තීරුවද ප්‍රතිපත්තිය මත ශ්‍රී ලංකාවට පැනවෙන සියයට හතළිස් හතරක් වූ නව තීරු බද්ධ ශ්‍රී ලංකාවට මේ මොහොතට අදාළව තර්ජනයක් නොවන බව කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි.

ඉදිරියේදී මෙරටට නව තිරු බදු ප්‍රතිපත්තිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගැනීමට බලාපොරොත්තු වන බවද ඒ මහතා පැවසීය.

ඇමරිකාව ලෝකයේ අනිත් රටවල් සමග ඇතිකර ගන්නා වෙළඳ බාධාවල් තුළින් ලෝකයේ නව වෙළඳපළවල් ශ්‍රී ලංකාවට විවෘත වනු ඇතැයි විශ්වාසයක් ඇති බවද හෙතෙම සඳහන් පෙන්වා දෙයි.

එනිසා වත්මන් තත්ත්වය බාධාවක් ලෙස සලකනවාට වඩා අවස්ථාවක් ලෙස භාර ගැනීමට සූදානම් බවත් ඇමතිවරයා පැවසුවේය.

ඇමරිකානු නව තීරුබදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකුගේ විමසීමකට ඔහු මෙසේ ප්‍රතිචාර දැක්වීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *