BREAKING NEWS
Search

පාස්කු පරීක්‍ෂණ අලුත් පාරකට – පිල්ලෙයාන් CID කැදවයි..!

31

2019 වසරේදී පාස්කු දින මෙරටට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය චැනල් 4 නාලිකාව මගින් ශ්‍රී ලාංකිකයකු සමග සිදුකර ඇති සම්මුඛ සාකච්ඡාවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර ඇත.

එම වාර්තා චිත්‍රපටයේ දෙමළ මක්කල් විදුතලෙයි පක්‍ෂයේ මාධ්‍ය ප‍්‍රකාශකයෙකු වූ අසාද් හන්සීර් මවුලානා ගේ ප්‍රකාශයක්ද ඇතුළත්ය.

ඒ අනුව හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන්ගෙන් අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමට නියමිතව ඇත.

අදාල සම්මුඛ සාකච්ඡාව මගින් පාස්කු දින ප්‍රහාරය සම්බන්ධ ආන්දෝලනාත්මක කරුණු සහ කුමන්ත්‍රණ ඇතුළු චෝදනා කීපයක් යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වයි.

බාහිර සංවිධානයක් විසින් මෙම වීඩියෝව පිළිබදව මහජන ආරක්ෂක අමාත්‍යංශය වෙත යොමුකරන ලද පැමිණිල්ලක් මත පොලිස් මූලස්ථානය විසින් විමර්ශන කටයුතු සිදු කරයි.

අදාල වීඩියෝව සම්බන්ධයෙන් විමර්ශනවලට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට 11 දින කරුණු වාර්තා කර ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *