මේ අවස්ථාවේදී විදුලි බිල වැඩි නොකල යුතු බව හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා පවසනවා. මේ බව සදහන් කරමින් ඔහු කියා සිටියේ…
“අපේ අදහස වුණේ, විශේෂයෙන් අපේ තාක්ෂණික විශේෂඥ අදහස් උනෙත්, මෙම විදුලි බිල මේ මට්ටමට වැඩි කිරීමට කිසිම අවශ්‍යතාවයක් නෑ කියලා. ඇත්ත වශයෙන්ම හුඟක් දුරට විදුලි බිල වැඩි වෙන්නේ යම් යම් ආයතනවල ඒ පාලනය කරන මැති ඇමැතිවරුන්ගේ අකාර්යක්ෂමතාවය නිසා.
අපි විශ්වාස කරනවා – අකාර්යක්ෂමතාව වෙනුවෙන් විදුලි බිලක් මහජනතාවට ගෙවන්න වෙලා තියෙනවා කියන එකයි අපේ මතය.
අපි විශ්වාස කරනවා මේ විදුලි බිල වැඩි නොකළ යුතුයි මේ අවස්ථාවේ. මොකද එසේ කිරීමේ අවශ්‍යතාවක් නෑ කියලා. අඩු කිරීම කෙසේ වෙතත්, තියෙන ප්‍රමාණයෙන් තියාගෙන යන්න එපෑ, අකාර්යක්ෂමතාවය නවත්තලා! දැනට තියෙනවා ලංකාවේ – සූර්යාලෝකය පාවිච්චි කරලා ගන්න විදුලි පථ හැම වහලක් උඩම තියෙනවා. ඒවා මං හිතන්නේ මෙගාවොට් එක්දහස් ගානක් තියෙනවා. එතකොට දැන් ප්‍රශ්නය වෙලා තියෙන්නේ ඒවා හරියට පද්ධතියට එනවද? එනකොට ගණනය කරගන්න බැරි ප්‍රශ්නයක් ඇතිවෙලා තියෙනවානේ. ඊළඟට අනිත් පැත්තෙන් ඒවාට ගෙවන මිල අඩු කරලා තියෙනවා! මේ හැම එකෙන්ම පේන්නේ යම් කිසි ආකාරයක ක්‍රමවේදයක් නැතිකම. ඒ ගැන මං හිතන්නේ අපේ තියෙනවා ලොකු විවේචනයක්!..”
Helakuru Esana