BREAKING NEWS
Search

ඉලොන් මස්ක්ගේ වත්කම ඩොලර් බිලියන 752යි! මේක ලංකාවේ එක මනුස්සයෙක් වියදම් කරන්න ගත්තොත් කල්ප කීයක් යයිද?

196

 

මේ දවස්වල අන්තර්ජාලයේ වැඩිපුරම කතා වෙන මාතෘකාවක් තමයි ඉලොන් මස්ක් ට්‍රිලියනපතියෙක් (Trillionaire) වෙන්න යන කතාව. අපි උපකල්පනය කරමු එයාගේ වත්කම ඩොලර් බිලියන 752ක් කියලා.

මේ ගාණ දැක්කම නිකන් ඉලක්කම් ටිකක් වගේ පෙනුනට, මේකේ සැබෑ ගැඹුර තේරුම් ගන්න නම් මේක අපේ රුපියල් වලට හරවලා බලන්නම ඕනේ.
දැන් පවතින ඩොලර් රේට් එකත් එක්ක බැලුවොත් (1$ = Rs. 295), මේ මුදල රුපියල් වලින් ආසන්න වශයෙන් 2,21,840,000,000,000 ක්. ඒ කියන්නේ රුපියල් ට්‍රිලියන 221ක්! මේක කියවන්නත් අමාරු තරම් දිග නම්බර් එකක්.

අපි හිතමු මේ මුදල ලංකාවේ කෙනෙකුට ලැබුණා කියලා. එයා හිතනවා “මම අද ඉඳන් දවසට රුපියල් කෝටියක් (ලක්ෂ 100ක්) වියදම් කරනවා” කියලා. කිසිම දවසක් මඟ හරින්නේ නෑ, ඉපදෙන දවසේ ඉඳන් මැරෙනකම්ම දවසට කෝටිය ගානේ වියදම් කරනවා.

පුදුම හිතෙන කාරණය තමයි, ඔබ දවසට රුපියල් කෝටිය ගානේ වියදම් කළත්, මේ මුදල ඉවර කරන්න ඔබට අවුරුදු 60,778ක් ජීවත් වෙන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ පරම්පරා දහස් ගණනක් අඩුවක් නැතුව රජ සැප වින්දත් මේ සල්ලි කන්දරාව ඉවර කරන්න බෑ.

රටක් විදිහට ගත්තොත්, ශ්‍රී ලංකාව මේ වෙද්දී ගෙවන්න තියෙන මුළු විදේශ ණය ප්‍රමාණය දළ වශයෙන් ඩොලර් බිලියන 37ක් විතර වෙනවා. ඉලොන් මස්ක්ට හිතුනොත්, එයාට පුළුවන් ලංකාවේ ණය වගේ 20 ගුණයක් තනි චෙක් එකකින් ගෙවලා දාන්න. එහෙම ගෙවලා දැම්මත් එයා තාම ලෝකේ ඉන්න ධනපතියෙක්.

තවත් විදිහකින් බැලුවොත්, අපේ කොළඹ තියෙන නෙළුම් කුලුන (Lotus Tower) හදන්න වියදම් වුණේ ඩොලර් මිලියන 104ක් විතර. ඉලොන් මස්ක්ගේ මේ සල්ලි වලින් නෙළුම් කුලුනු 7,230ක් හදන්න පුළුවන්. ඒ කියන්නේ ලංකාවේ හැම ගමකටම නෙළුම් කුලුනක් ගැහුවත් එයාගේ සල්ලි ඉවර නෑ.

ඉතින් මේකෙන් තේරෙන දේ තමයි, යම් මට්ටමකින් පස්සේ “සල්ලි” කියන්නේ නිකන්ම මුදල් නෝට්ටු නෙවෙයි, ඒක දැවැන්ත බලයක්. මේ සා විශාල ධනයක් තනි පුද්ගලයෙක් සතුවෙන එක සාධාරණද? නැත්නම් ඒක ලෝකේ හැටියද?

copied




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!