BREAKING NEWS
Search

එමිල් රංජන් නීතිය විසින් නිදහස් කරන ලද අයෙක් – උපහාර පිදීම අධිකරණ ඇමති බලාපොරොත්තු නොවූ සිද්ධියක්.(VIDEO)

33

හිටපු බන්ධනාගාර කොමසාරිස්වරයෙකු වන එමිල් රංජන් ළමාහේවා මහතාට අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා විසින් උපහාර පිදීමක් සිදුකලේ දැනුවත් භාවයකින් තොරව බව නියෝජ්‍ය මහජන ආරක්ෂක අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා පවසයි.

සිරස රූපවාහිනියේදී පැවති වැඩසටහනකට එක්වෙමින් ඔහු පැවසුවේ අධිකරණ අමාත්‍යවරයා ලෙස ඔහුට ලැබුන ආරාධනයකට එම උත්සවයට සහභාගී වූ බවත් ඉතා කෙටි කාලයකදී එමිල් රංජන් ළමාහේවාගේ නම සඳහන් කර ඔහුට උපහාර පිදීමට සිදු ව ඇති බවත්ය.

එමෙන්ම නීතිය ඉදිරියේ බන්ධනාගාර කොමසාරිස්වරයෙකු වන එමිල් රංජන් ළමාහේවා නිර්දෝෂී පුද්ගලයකු ඇති බවද අමාත්‍යවරයා පැවසුවේය.

එමිල් රන්ජන් ලමාහේවා මහතා වැලිකඩ බන්ධනාගාර නඩුවේ දෙවන විත්තිකරුව ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ මරණීය දණ්ඩනය නියමව පසුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිදහස් කරන ලද අයෙකි.

කෙසේ වෙතත් ඉදිරියේදී අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර ඒ සම්බන්ධයෙන් පැහැදිලිකිරීමක් සිදුකරනු ඇති බවටත් නියෝජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.

Source : Lanka C News, Sirasa satana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *