ශ්‍රී ලංකාවේ මීළඟ අමෙරිකා තානාපතිවරයා එරික් මේයර් ?

811

එරික් මේයර් මහතා ශ්‍රී ලංකාවේ මීළඟ අමෙරිකානු තානාපතිවරයා ලෙස පත්කිරීමට නියමිතව තිබේ.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මේයර් මහතා යෝජනා කර ඇති බව වාර්තා වේ.

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ විදේශ සේවයේ වෘත්තීය සාමාජිකයෙකු වන එරික් මේයර් මහතා දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ කාර්යාංශ නිලධාරියා වේ.

නෝර්වේ හි එක්සත් ජනපද දූත මණ්ඩලයේ භාරකරු ලෙස සහ නේටෝවේ නවතම සාමාජික රාජ්‍යයක් වන උතුරු මැසිඩෝනියාවේ ස්කොප්ජේ හි එක්සත් ජනපද තානාපති කාර්යාලයේ භාරකරු ලෙස සහ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානියා ලෙසද සේවය කර තිබේ.

2022 වසරේ සිට වසර 4කට ආසන්න කාලයක් මෙරට අමෙරිකානු තානාපති ලෙස කටයුතු කළ ජුලි චන්ග් මහත්මිය  (16) සිය ධුරයට සමුදුන්නාය.

උපුටාගැනීම – Dinamina




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!