කොළඹ මහ නගර සභාවේ නගරාධිපති තේරීමේදී සමගි ජන බලවේගය විවෘත ඡන්දයක් ඉල්ලා සිටියේ ඔවුන්ගේ මන්ත්‍රීවරුන් ද ඔවුන්ට විශ්වාස නොමැති වීම නිසා බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න පවසනවා.
ඒ අනුව එම ඡන්ද විමසීම දෙස බැලීමේදී ඔවුන්ගේ පාර්ශ්වයේ ඇතැම් මන්ත්‍රීවරුන් ද ජාතික ජන බලවේගයේ අපේක්ෂිකාවට ඡන්දය ලබාදී ඇති බවයි ඊයේ (17) දෙරණ වාද පිටිය වැඩසටහනට එක්වෙමින් මන්ත්‍රීවරිය සඳහන් කළේ.
එසේම, ඔවුන්ගේ පක්ෂය තුළ පවා තම මන්ත්‍රීවරුන් ඡන්දය ලබාදෙන බවට ඔවුන්ට විශ්වාසයක් නොමැති බවද ඇය ප්‍රකාශ කර සිටියා.
‘ඩීල් දැමීම’ යනු මන්ත්‍රීවරු සමග සාකච්ඡා කිරීම නොවන බවත්, ‘ඩීල්’ දැමීමේදී මීට පෙර රුපියල් කෝටි 50කට පවා විකුණුනු මන්ත්‍රීවරුන් ද සිටි බවයි මන්ත්‍රීවරිය පෙන්වා දුන්නේ.
පත්වී සිටින ස්වාධීන මන්ත්‍රීවරුන් සමඟ සාකච්ඡා කළ බවත්, එහි සැඟවීමට දෙයක් නොමැති බවයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ
Source – එසැණ