BREAKING NEWS
Search

මාලිමාවට සහය දුන් සජබ මන්ත්‍රි සුනිල්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි.

520

කොළොන්නාව නගර සභාවට සමගි ජන බලවේගයෙන් වැඩිම මනාපයෙන් තේරී පත්වූ නාරාහේන්පිගේ සුසිල් කුමාර කොස්තා යන අයගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා තිබේ.

සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ අත්සනින් යුතුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

එහි වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, සමගි ජන බලවේගය පක්ෂ කළමනාකරණ කමිටුවේ සහ පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීරණයට අනුකූලව කොළොන්නාව නගර සභාවේ සභාපති හා උපසභාපති පත්කිරීමේ දී කටයුතු නොකිරීම හේතුවෙන් එලෙස වහාම ක්‍රියාත්මක වන පරිදි පක්ෂ සාමාජිකත්වය අත්හිටවූ බවය.

අද (18) උදෑසන පළමු වරට රැස්වූ කොළොන්නාව නගර සභාවේ දී උණුසුම් තත්ත්වයක් ඇති වූ අතර, එහිදී විපක්ෂයේ සියලුදෙනා සභාවෙන් පිටව යද්දි මොහු පමණක් සභාවේ රැඳී සිටිමින් ජාතික ජන බලවේගයට සහාය දැක්වීම හේතුවෙන් කොළොන්නාව නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට හිමිවුණි.

එහිදී කොළොන්නාව නගර සභාවේ සභාපති ධුරය සඳහා ජාතික ජන බලවේගයේ ධම්මික විජයමුණි මහතා තේරීපත්වූ අතර, උප සභාපති ධුරය සඳහා සමන් සෙනෙවිරත්න මහතා පත්වුණි.

ada derana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *