BREAKING NEWS
Search

බිලියන තුනක පොල්ලක් තබා පිය පුතු රටින් පනී – පුද්ගලික බැංකුවක් අර්බුදය ගැට්ටේ..!

200

පසුගිය දිනවල ආන්දෝලනයකට ලක්වූ රුපියල් බිලියන ගණනක රේගු බදු වංචාවට සම්බන්ධ සමාගමක ප‍්‍රධානීන් දෙදෙනෙකුගේ මූල්‍ය වංචාවක් හේතුවෙන් මෙරට පුද්ගලික බැංකුවක් අවධානමට ලක්ව ඇති බව වාර්තා වෙයි.

අදාල සමාගමේ හිමිකාරීත්වය ඇති පිය පුතු දෙදෙනා විසින් සිදු කළ රුපියල් බිලියන තුනක වංචාවක් හේතුවෙන් මෙම පෞද්ගලික බැංකුව දරුණු ලෙස අවධානමට ලක්ව ඇත.

අදාළ පුත්‍රයා විසින් එංගලන්තයේ පාඩු පිට පාඩු ලැබූ බංකොලොත් සමාගමක් රුපියල් බිලියන 2.4 කට සාවද්‍ය මූල්‍ය වාර්තා පෙන්වා බැංකු ණයක් තුලින් මිලට ගෙන ඇති අතර එම සමාගමේ ණය බර මිස වෙනත් කිසිදු වත්කම් නොමැති බව පසුව හෙලිව ඇත.

සමාගමේ සේවකයන්ට අනූව අදාල ණය මුදල් පිය පුතු දෙපල වංචා කර ඇති අතර දෙදෙනාම විදේශ රටක පුරවැසියන් බැවින් මෙරට රජයට ඔවුන්ට එරෙහිව පියවරක් ගැවීම දුෂ්කර වී තිබෙන්නේ යයිද වාර්ථා වෙයි.

මෙම සමාගමේ මුළු මාසික ආදායමටත් වඩා ණය පොලිය ඉහළ ගොස් ඇති අතර ඉදිරි මාස කිහිපය තුළ අදාල බිලියන තුනක බොල් ණය බවට පත් විමට ඇති ඉඩකඩ ඉතා ඉහල අතර මෙය සිදු වුවහොත් මෙකී පෞද්ගලික බැංකුව විශාල මූල්‍ය අර්බුදයකට ලක්වනු ඇතැයි මූල්‍ය වෙලදපල ආරංචි මාර්ග කියයි.

මෙම සමාගමේ ප්‍රධාන මූල්‍ය නිළධාරියා සහ ප්‍රධාන විධායක නිලධාරියා සිය ඉල්ලා අස්වීමේ ලිපි මේ වන විට භාර දී ඇති බවත් දැනගන්නට ඇත.

Source  : Lanka C News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *