කොම්පඤ්ඤ වීදියේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවක හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ සමග පැමිණ සිටියදී බහින් බස්වීමක් දුරදිග ගොස් එහි රාජකාරියේ යෙදී සිටි ආරක්ෂක නිලධාරියකුට පහර දීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන් 4 දෙනා අද (01)ඇප මත මුදා හරින ලෙස කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර නියෝග කර තිබෙනවා.
කොළඹ මධ්‍යම අපරාධ විමර්ශයන කාර්යාංශයට සැකකරුවන් භාර වීමෙන් අනතුරුව අද දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබූ අතර අද සැකකරුවන් හඳුනාගැනීමේ පෙරට්ටුවක් සදහා යොමු කෙරුණා.
කොටුව මහේස්ත්‍රාත්වරියගේ ආරාධනයෙන් නිල නොලත් මහේස්ත්‍රාත් කිංස්ලි හෙට්ටිආරච්චිගේ ප්‍රධානත්වයෙන් පෙරට්ටුව පැවැති අතර එහිදී රුපියල් ලක්ෂ දෙකක් ශරීර ඇප මත ඔවුන් මුදා හැරුනා.
මෙම සිද්ධිය සිදුවී කාලයක් ගතව තිබීම හේතුවෙන් ඔවුන් අප මත මුදා හරින ලෙස නීතිඥවරුන් සිදු කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය ඔවුන් අප මත මුදාහැර ලෙස නියෝග කරනු ලැබුවා.
පසුගිය දා ඇතිවූ එම ගැටුම සම්බන්ධයෙන් ඉකුත් 25 වනදා යෝෂිත රාජපක්ෂ පැය 3කට ආසන්න කාලයක් කොම්පඤ්ඤ වීදිය පොලීසිය හමුවේ ප්‍රකාශයක් ලබාදෙනු ලැබුවා.