BREAKING NEWS
Search

අධිකරණයට අපහාස කල බංග්ලාදේශ හිටපු අගමැතිනිය ෂෙයික් හසීනාට අත්වූ දඬුවම

1332

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට එරට අධිකරණයක් විසින් මාස හයක සිර දඬුවමක් නියම කර තිබේ.

අධිකරණයට අපහාස කිරීමේ නඩුවකට අදාළව ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් විසින් මෙම නියෝගය ලබා දී ඇති බව වාර්තා වේ.

බංගලාදේශයේ ඇති වූ විරෝධතා හමුවේ 2024 අගෝස්තු 5 වනදා ඇය සිය ධුරයෙන් ඉල්ලා අස් වී ඩකාහි ඇති ඇගේ නිවස ද අතහැර ඉන්දියාවේ හෙළි නොකළ ස්ථානයකට රට හැර පලා ගියාය.

ඉන් පසුව ඇයට එරෙහිව නඩුවකට දඬුවම් නියම වූ පළමු අවස්ථාව මෙය බව සඳහන් වේ.

හසීනාට එරෙහිව නඩු 155 ක් ගොනුකර ඇති අතර එයින් මිනීමැරුම් නඩු 136 ක්, මිනීමැරීමට තැත් කිරීමේ නඩු 8 ක්, පැහැරගැනීමේ නඩු 3 ක් සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සහ ජන සංහාර නඩු 7 ක් ඇයට එරෙහිව ගොනු කර ඇති බව වාර්තා වේ

ada derana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *