BREAKING NEWS
Search

GMOA වෛද්‍ය වර්ජනය කල් දමයි..!

37

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට (05) දින සිට දියත් කිරීමට සැලසුම් කර තිබූ දීපව්‍යාප්ත වැඩවර්ජනය කල් දැමීමට තීරණය කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එහි ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතපාල මහතා පැවසුවේ අද (04) දහවල් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සමග පැවැති සාකච්ඡාවෙන් අනතුරුව මෙම තීරණය ගත් බවය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතපාල මහතා,

“අද අපි තීරණය කළා හෙට දිනයේදී පවත්වන්නට නියමිතව තිබූ මෙම සංඛේත වැඩවර්ජනය කල්තබන්නට. මාර්තු 21 වනදා තුන්වන අයවැය කියවීම දක්වා.”

“වෛද්‍යවරුන් ඉල්ලන අමතර රාජකාරී දීමනාව පැවැති 1/80 අගය ඒ ආකාරයෙන් පවත්වා ගන්නත් නිවාඩු දින දීමනාව මූලික වැටුපෙන් 1/20 අගය ඒ ආකාරයෙන් පවත්වා ගන්න අවශ්‍ය සාධනීය මැදිහත්වීම කරන්න සෞඛ්‍ය අමාත්‍යවරයා එකඟ වුණා.”




Leave a Reply

Your email address will not be published. Required fields are marked *