BREAKING NEWS
Search

දේශබන්දු වෙනුවෙන් නීතීඥයන් රැසක් – බන්ධනාගාර රියත් පැමිණේ…!

56

මාතර මහේස්ත්‍රාත් අධිකරණයට භාර වී සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් වන නීති කෘත්‍යය අද පස්වරුවේ කැඳවීමට නියමිතව තිබේ.

එ් අනුව එ් වන තෙක් ඔහු අධිකරණ ශාලාව තුළ රැඳී සිටී.

ඔහු වෙනුවෙන් පෙනී සිටින සඳහා නීතිඥවරුන් විශාල පිරිසක් අධිකරණයට පැමිණ ඇත.

මාතර මහේස්ත්‍රාත් අධිකරණයට බන්ධනාගාර බස් රථ කිහිපයක්ද පැමිණ තිබේ.

ඒ බන්ධනාගාරවල සැකකරුවන් සහ සිරකරුවන් අධිකරණයේ පවතින නඩු වලට පෙනී සිටීමට රැුගෙන එන ලද ඒවාය.

 

දින ගණනාවක් තිස්සේ සැඟවී සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අධිකරණයට බාර මාතර අධිකරණයට ඉදිරිපත් වීම සදහා අද පෙරවරුවේ එහි පැමිණියේය. ඒ ඔහුගේ ඔහු විසින් අභියාචනාධිකරණය හමුවේ ගොනු කර තිබූ පෙත්සම ප්‍රතික්ෂේප කිරීමෙන් පසුවයි.

මාතර වැලිගම ප්‍රදේශයේ සිදුවූ වැටලීමක් අතරතුර සිදු වූ වෙඩි හුවමාරුවකින් පොලිස් නිලධාරියකු මියාමේ සිදුවීමට අදාලව ඔහු ඇතුළු නිලධාරීන් පිරිසක් අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

කෙසේ වෙනත් ඔහු හැර සෙසු නිලධාරීන් සියලු දෙනා මේ වන විට පොලිසිය හමුවේ ප්‍රකාශ ලබාදී ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමක් සිදු කළේ නැත.

අදාළ නඩුවේ සැකකරුවන්ගෙන් දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා පමණක් මේ වන විට සැඟවී සිටි අතර ඔහුගේ පෙත්සම අභියාචනාධිකරණයෙන් ප්‍රතික්ෂේප වීමේ තත්ත්වය මත ඔහුට අධිකරණය හමුවේ භාරවීමට සිදු බලෙකරී ඇත.

පොලිස් කණ්ඩායම් කිහිපයක් මේ වන විටත් ඔහු සොයා රට පුරා මෙහෙයුම් සිදු කරමින් සිටී.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *