BREAKING NEWS
Search

අර්චුනාට දඬුවම් – මැයි මාසය තෙක් පාර්ලිමේන්තුවේ වාරණයක් පනවයි..!

315

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාන්දන් අර්ජුනා මහතාට පාර්ලිමේන්තුවේ වාරණයක් පැනවීමට කතානායකවරයා තීරණය කර තිබේ.

අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් කතානායක ජගත් වික්‍රමරත්න මහතා පැවසුවේ ඒ අනුව එළඹෙන මැයි මස අටවන දින දක්වා පැවැත්වෙන සියලුම පාර්ලිමේන්තු සැසිවාරවල මන්ත‍්‍රීවරයාගේ ප‍්‍රකාශයන් සියළුම ප්‍රධාන ධාරාවේ මාධ්‍ය හා සමාජ මාධ්‍ය වල විකාශය කිරීමත් සජීව විකාශය කිරීමත් තහනම් බවයි.

ඔහුගේ ප්‍රකාශ එම දින කීපයේදී හැන්සාඩ් වාර්තාවෙන් ද ඉවත් කරන බවට තීරණය කර ඇත.

අදාළ කාලසීමාවේ මන්ත්‍රීවරයාගේ හැසිරීම නිරීක්ෂණය කරමින් එම වාරණය ඉවත් කිරීම පිළිබඳ සලකා බැලිය හැකි බවද කතානායකවරයා පැවසීය.

මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයන් සම්බන්ධයෙන් දිගින් දිගටම විවිධ පාර්ශවයන්ගෙන් එල්ල වන පැමිණිලි සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *