BREAKING NEWS
Search

“හැමෝටම ආයුබෝවන්!! එක දෙයක් පැහැදිලි කරන්න ඕනේ.. මම තවමත් ඉන්නේ ශ්‍රී ලංකාවේ….” ඔහු තැබූ සටහන

459

ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන් අතර වගේම ඉන්දියාවේ IPL රසිකයින් අතරත් අතිශය ජනප්‍රිය “පොඩි මාලිංග” හෙවත් මතීෂ පතිරණ ගැන පසුගිය දවස් ටිකේම සමාජ මාධ්‍ය හරහා විවිධ කටකතා ලැව්ගින්නක් වගේ පැතිර ගියා.

පසුගිය T20 ලෝක කුසලාන තරගාවලිය අතරතුර පාදයේ ඇති වූ ආබාධයක් නිසා මතීෂට තරගාවලියෙන් ඉවත් වෙන්න සිද්ධ වුණා. ඉන් පස්සේ බොහෝ දෙනෙක් කියන්න පටන් ගත්තේ මතීෂ ලංකාව අතහැරලා තමන්ගේ IPL කණ්ඩායම වන චෙන්නායි සුපර් කින්ග්ස් (CSK) වෙත ප්‍රතිකාර සඳහා ඉන්දියාවට ගිහින් කියලා.

මේ කටකතා දුරදිග යද්දී, මතීෂ නිහඬව ඉන්නේ නැතුව තමන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් හරහා රසිකයින්ට ඇත්තම තත්ත්වය හෙළි කරලා තිබුණා. ඔහු ඉතාමත් පැහැදිලිව සඳහන් කරලා තිබුණේ තමන් තවමත් ලංකාවේ ඉන්න බවයි.

“හැමෝටම ආයුබෝවන්!! එක දෙයක් පැහැදිලි කරන්න ඕනේ.. මම තවමත් ඉන්නේ ශ්‍රී ලංකාවේ. මම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයත් එක්ක මගේ පුනරුත්ථාපන කටයුතු කරගෙන යනවා. මම තවම ඉන්දියාවට ගියේ නැහැ, ඒ නිසා කරුණාකරලා කලබල වෙන්න එපා!”

මතීෂ මේ වෙලාවේ ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) ආයතනයේ වෛද්‍ය අධීක්ෂණය යටතේ සුවය ලබමින් ඉන්නවා. ඔහු නැවත ක්‍රීඩා පිටියට එනකල් මගබලාගෙන ඉන්න රසිකයින්ට ඔහු කියන්නේ අනවශ්‍ය කටකතාවලට රැවටිලා කලබල වෙන්න එපා කියලයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!