BREAKING NEWS
Search

ආබාධිත ප්‍රජාව වෙනුවෙන් ආණ්ඩුව අයවැයෙන් වෙන් කරපු පුදුම හිතෙන සහන රැස මෙන්න

377

රට පුරා විසිරී සිටින මිලියන 1.6ක් පමණ වූ ආබාධිත ප්‍රජාව රටේ සමස්ත ජනගහනයෙන් 7%කි.

එම ප්‍රජාවේ අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා අස්වැසුම වැඩසටහන තුළින් ආබාධිත පුද්ගලයින්ට 140,000ක්ට රු 10,000 දීමනාව වෙනුවෙන් රු මිලියන 19ක ප්‍රතිපාදන වෙන්කෙරේ.

ආබාධිත සහිත ප්‍රජාව සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල, දුම්රිය ස්ථාන, බස්නැවතුම් පොළ, අධිකරණ, පොලිස් ස්ථාන වැනි පොදු ස්ථාන වෙත ප්‍රවේශ වීමේ සහ සනීපාරක්ෂක පහසුකම් සැපයීම සඳහා අයවැයෙන් රු මිලියන 1000ක් ප්‍රතිපාදන වෙන්කර ඇත.

මේ අතර, රජයේ සේවයේ සියයට 3ක ප්‍රතිශතයක් ආබාධ සහිත ප්‍රජාව වෙනුවෙන් වෙනකර ඇති අතර, බඳවා ගැනීම් ඉදිරියේ දී සිදුකිරීමට නියමිතයි.

මේ අතර ආබාධ සහිත තැනැත්තන් පෞද්ගලික අංශයේ රැකියාවක් සඳහා යොදවා ගන්නේ නම් රු 15,000ක උපරිමයකට යටත්ව සේවයන්ගේ වැටුපෙන් සියයට 50ක වැටුප් සහනාධාරයක් මාස 24ක් දක්වා රජය මඟින් ගෙවීමට ද යෝජනා කර ඇත. ඒ සඳහා රු මිලියන 500ක් වෙන් කිරීමට යෝජනා කර ඇත.

ඔටිසම් ඇතුළු ආබාධිත තත්ත්වයන් සහිත දරුවන් වෙනුවෙන් දිවා සුරැකුම් මධ්‍යස්ථාන ඉදිකිරීම සෞඛ්‍ය අමාත්‍යාංශය හා සමාජ සේවා දෙපාර්තමේන්තුව යටතේ දැනමටත් සිදුකරමින් පවතින බව ජනාධිපතිවරයා අයවැය යෝජනා ඉදිරිපත් කරමින් පැවසීය.

ඒ අනුව එම කටයුතු ඉදිරි වසරේ දී අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ රු මිලියන 100ක් හා සමාජ සේවා දෙපාර්තමේන්තුව යටතේ රුපියල් මිලියන 447ක් වෙන් කර තිබේ.

එම කටයුතු තවදුරටත් පුළුල් කිරීමට දිවා සුරැකුම් මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට රු මිලියන 500ක් වෙන් කිරීමටත් යෝජනා කර ඇත.

Source – Ada Derana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *