BREAKING NEWS
Search

තුසිත හල්ලොලුවට හදිසියේ මුහුණ දීමට වූ අවාසනාවන්ත සිද්ධිය ගැන ඇසෙන අලුත්ම කතාව මෙන්න.

3986

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරි අධ්‍යක්ෂකවරයෙකු වන තුසිත හල්ලොලුව ඉලක්ක කර ගනිමින් නාරහේන්පිට ප්‍රදේශයේ දී වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාරදී තිබෙනවා.

ඒ අනුව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ උපදෙස් මත අදාළ විමර්ශන කටයුතු කොළඹ අපරාධ කොට්ඨාශය වෙත බාරදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග සඳහන් කළේ.

තුසිත හල්ඔලුව මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී නාරහේන්පිට වටරවුම පාර ප්‍රදේශයේ දී ඊයේ (17) රාත්‍රී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර තිබූ අතර වෙඩි තැබීම සිදුකළ පුද්ගලයින් විසින් එම වාහනයේ තිබූ මෝටර් රථයේ තිබූ ලිපි ගොනුවක් ද රැගෙන පළාගොස් ඇති බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *