BREAKING NEWS
Search

ඒ අවාසනාවන්ත ඉරණම ඔහුට අත්වී දහතුන් වසරක්.. ඔහුට යුක්තිය කවදා ඉටු වේවිද ?

766

රගර් ක්‍රීඩකයෙකුට තම ප්‍රතිවාදියා බිම හෙලන්න ශක්තිමත් බාහු යුග්මයක් අවශ්‍යය. ප්‍රතිවාදීන් අතරින් දුවන්න තුරෙඟකුට මෙන් ජව සම්පන්න කළවා දෙකකින් යුත් පාද යුග්මයක් ද අවැසිමය. මේ සියල්ල තිබූ ජවසම්පන්න වසීම් තාජුඞීන් මීට වසර දහතුනකට පෙර අකර්මණ්‍යව පණපිටින්ම පිලිස්සී ගිය බව අධිකරණය හමුවේ පොලීසිය ද, අධිකරණ වෛද්‍ය විශේෂඥයන් ද, රථවාහන විශේෂඥයන් ද තහවුරු කර හමාරය. එවන් වටපිටාවක තාජුඞීන්ගේ කලවා අස්ථි දෙක සහ තවත් වැදගත් සාක්ෂි කලකට පෙර දීම අතුරුදහන් ව ඇත. අදින් දහතුන් වසරකට පෙර අනතුරක් බව කී වසීම්ගේ ඝාතනයට අදාළ මෝටර් රථයේ බඳ පටි අගුලූ ද, ආරක්ෂක වායු බැලූන ද තවමත් රථයේම ඇත. එහෙත් වසීම් තාජුඞීන් ඝාතනය වී ඇත. බලය ලබා ගැනීම වෙනුවෙන් රාජපක්ෂලාගෙන් පසු පත් වූ නව ආණ්ඩු ද එහි බලධරයන් ද වසීම්ට නැවත පණ නොදුන්නා සේම ඔහුගේ හිතෛෂීන්ව තව තවත් හැඬවූ බව පමණක් මෙසේ සටහන් තබමු. වසීම් මෙලොවින් සමුගෙන දහතුනක් නික්මුණු තැන ඔහුගේ පවුලේ නෑසියෝ නිහඬ බව බිඳිමින් කුමක් කළ යුතුද..

යුක්තියේ දෙවඟන සාධාරණය සහ අපක්ෂපාතීත්වය වෙනුවෙන් නීතියේ ආධිපත්‍ය රජ කරවන්නට කලූ කඩින් දෑස වසාගෙන සිටියද, රජවරුන් විත්ති කූඩුවට ගෙනවිත් යුක්තිය හා සාධාරණය ඉෂ්ඨ වනතුරු මහජනතාව දෑස් හැරගෙන සිටී. ඉදින් ගරු ජනපති, අගමැති, මැතිවරුනි වසීම් ඝාතනයක් බව බව ඔප්පු වී තිබේ නම් මේ නොනවතින පරීක්ෂණ කුමකට ද?




Leave a Reply

Your email address will not be published. Required fields are marked *