තමන් ඔස්ට්‍රේලියාවේ පදිංචියට ගිය බව කියන මාධ්‍ය වාර්තා අසත්‍ය බව ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතා පවසනවා.
අද දෙරණ කෙළිබිම වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ තමන් පෞද්ගලික සංචාරයකට එක්ව සිටින බවත් තම පෞද්ගලික මුදලින් එම සංචාරයට එක්ව සිටින බවයි.
තමන් යළි පෙබරවාරි 20 වැනිදා දිවයිනට පැමිණෙන බවද ඔහු සඳහන් කළා.
අද දෙරණ කෙලිබිම
පෙර පළවූ දිවයින වාර්තාව :
ක්‍රීඩා නි.ඇමැති හා පවුලේ අය ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙති !
ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතා හා ඔහුගේ පවුලේ සාමාජිකයන් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වී ඇතැයි වාර්තා වේ.ඒ මහතා, මේබව කිසිවකුට මෙතෙක් දන්වා නැතැයි ද වාර්තා වේ.
ලංකාව නියෝජනය කරමින් ඔලිම්පික් පදක්කම් දිනූ මෙන්ම ඔලිම්පික් තරගාවලිය නියෝජනය කළ දක්ෂ ක්‍රීඩිකාවන් දෙදෙනකු වන සුසන්තිකා ජයසිංහ මෙන්ම දමයන්ති දර්ශාද මේවන විට ඕස්ට්‍රේලියාවේ පුරවැසි භාවය අපේක්ෂාවෙන් එරට පදිංචිවී සිටින බවද වාර්තාවේ.
ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔලිම්පික් තරගාවලියක් නියෝජනය කර පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයකට පත් පළමු පුද්ගලයාද සුගත් තිලකරත්නය.