BREAKING NEWS
Search

වසර 8කින් සියල්ල අහිමි කරගත් “කුණු අදින” කෝටිපතියා ගැන ඇසෙන වෙනස්ම කතාවක් මෙන්න..

689
ඔබට එකවරම ධනයක් ලැබුණොත්..? ඒක අදහා ගන්න බැරි පුවතක් වෙනවා නේද..?

මේ කියන්න යන්නේ අන්න ඒ වගේ විශාල මුදලක් හිමි කරගත් පුද්ගලයෙකුට වසර ගණනකට පසු අත්වුණු ඉරණමක් ගැන කතාවක්. 


මේ සිදුවීම වෙන්නේ මීට වසර 22කට පෙරයි.. එනම් 2002 නොවැම්බර් මාසයේදී එංගලන්තයේ නෝර්ෆොක් (Norfolk) ප්‍රදේශයේ 19 හැවිරිදි තරුණයෙකු මුළු ලෝකයේම අවධානය දිනාගත්තා. එවකට කුණු ට්‍රක් රථයක සේවකයෙකු ලෙස සේවය කළ මයිකල් කැරොල්, බ්‍රිතාන්‍ය ජාතික ලොතරැයියෙන් පවුම් මිලියන 9.7ක් දිනා ගැනීමට සමත්වුණා. එය එවකට අගයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 12.7ක් පමණ වුණා කිව්වොත් ඔබ විශ්වාස කරනවාද..?

නමුත් අද වන විට ඔහු නැවතත් තමා ආරම්භ කළ තැනටම පැමිණ තිබෙනවා.

ඒත් මේ ලොතරැයිය දිනූ සැනින් මයිකල් කැරොල්ගේ ජීවිතය උඩුයටිකුරු වුණ්. එතෙක් ඔහු පැදවූ කුණු ලොරිය වෙනුවට සුපිරි මෝටර් රථ පේළියක් ඔහුගේ ගරාජයට එක්වුණා. එංගලන්තයේ ටැබ්ලොයිඩ් පුවත්පත් ඔහුව හැඳින්වූයේ “ලොටෝ ලවුට්” (Lotto Lout) යන නමින්.

ඔහුගේ ජීවිතය සාද, මත්ද්‍රව්‍ය, සූදුව සහ අධික වියදම්වලින් පිරී ගියා. කිසිදු මූල්‍ය සැලසුමක් හෝ උපදේශනයක් නොමැතිව ඔහු තම ධනය දෙඅතින්ම වියදම් කළා. “මම මුදල් හැසිරවීමට දැන සිටියේ නැහැ, මට අවශ්‍ය වුණේ විනෝද වෙන්න විතරයි,” ඔහු පසුව සම්මුඛ සාකච්ඡාවකදී පවසා තිබුණා.

2010 වන විට මයිකල්ගේ සියලු මුදල් අවසන් වී වුණේ ඔහුත් නොසිතූ ලෙසයි. ආයෝජනයන් නොමැතිකම සහ පාලනයකින් තොරව කළ වියදම් හේතුවෙන් ඔහු සම්පූර්ණයෙන්ම බංකොලොත් වුණා. අවසානයේදී ඔහුට රජයේ සහනාධාර මත යැපීමට පවා සිදු වූ අතර, පසුව ඔහු නැවතත් තමා පැරණි රැකියාව වූ කුණු එකතු කිරීමේ සහ බෙදා හැරීමේ රැකියාවලටම යොමුවුණා.

මෙම කතාව හුදෙක් මුදල් නැති කරගත් අයෙකු පිළිබඳ කතාවක්ම නොවේ. එය සූදානමකින් තොරව ලැබෙන ධනය පුද්ගලයෙකු විනාශ කළ හැකි ආකාරය පිළිබඳ කදිම නිදසුනක්..

මයිකල් කැරොල් පසුව පවසා ඇත්තේ, තමාට දැන් ලැබෙන ස්ථාවර වැටුප සහ දෛනික රැකියා චර්යාව, කෝටිපතියෙකුව සිටි කාලයට වඩා තමාට සැනසීමක් ලබා දෙන බවයි. “මුදල් මනුෂ්‍යයෙකුගේ පුරුදු වෙනස් කරන්නේ නැහැ, ඒවා තවත් තීව්‍ර කරනවා පමණයි” යන්න ඔහුගේ කතාවෙන් අපට උගන්වන ප්‍රධාන පාඩම එයයි. 

hiru gossip




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!